රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතී බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ජාතික බදු සතියට සමගාමීව ‘බදු ශක්ති’ නමින් මෙම වැඩසටහන ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ දී හා සියලුම ප්‍රාදේශීය මෙන්ම නගර කාර්යාල මගින් බදු ගෙවන්නන් දැනුවත් කරන බවද, එහිදී ජංගම බදු සේවා පැවත්වීමට ද කටයුතු යොදා තිබෙන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.