Local

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න

Wednesday, 31 January 2024 - 9:45 am

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ වසර 33ක සේවා කාලයක් සම්පූර්ණ කළ ඩී.ඩී.ජී.අනෝජා සෙනෙවිරත්න මහත්මිය පසුගියදා වැඩ භාරගත්තාය. හිටපු අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා විශ්‍රාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ එම ධුරයට පත් වීමට ප්‍රථම ඇය එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1 ලෙස කටයුතු කළාය. ඒ මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියකි. ඇය 1990 වර්ෂයේ සිට දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරමින් මේ දක්වා වසර 33ක කාලයක් දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල මෙන්ම විවිධ අමාත්‍යාංශවලට අයත් සංඛ්‍යාලේඛන අංශවල සේවය කර ඇත.2017වර්ෂයේ සිට ජන සංගණන හා ප්‍රජා විද්‍යා අංශයේ සහ සිතියම් විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ධුර දරමින් කටයුතු කළ ඇය 2019 වර්ෂයේ සිට මේ දක්වා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1 තනතුරේ සේවය කරමින් වර්තමාන ජන හා නිවාස සංගණනය මෙහෙයවීමේ කටයුතු මෙන්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශ ගණනාවක අධීක්ෂණය භාරව කටයුතු කර තිබුණි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික සංඛ්‍යානය පිළිබඳ පශ්චාත් උපාධිය එම විශ්වවිද්‍යාලයේම පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයේම ජනගහන අධ්‍යයනය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියකි.

 
 
 
 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT