Local

ලෝක බැංකුවෙන් ලැබුණු සුබ ආරංචිය

Thursday, 10 October 2024 - 9:22 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසනවා.

ඒ අනුව මෙම වසරේදී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇති බවටයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ.

කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදුව ඇති ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩනැගී තිබෙනවා.

අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ – වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update), අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තාව මඟින් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

රට තුළ අවධානමට ලක්විය හැකි සීමාවක පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය පවත්වා ගැනීම රඳා පවතින්නේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්ත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

“2023 දී කාර්තු හතරක ආර්ථික වර්ධනයකින් සහ ජංගම ගිණුමේ අතිරික්තයකින් සනිටුහන් වූ ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථායිකරණයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් ” බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT