Local

මිල වැඩි කර පෝලිම් නැති කර වැඩක් නෑ.. මට දුන්නොත් මං ආර්ථිකේ ටොප් එකට ගේනවා..

Friday, 13 September 2024 - 7:48 pm

දේශපාලනික වශයෙන් කුමන අභියෝගයක් පැමිණිය ද වරදාන පරප්‍රසාදවලට ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

දේශපාලනික වශයෙන් වැඩපිලිවෙලක් සමඟ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බව පෙන්වාදෙන ඒ මහතා රැල්ලට හසුවී තම දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොකරන බවද පවසයි.

2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මහරගම නගරයේ දී පැවැති ජනහමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

අපේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ ආසනයෙන් ආසනයට. අපි සති පහක මැතිවරණයක් මෙහෙයවන්නේ. අපි අවුරුදු දෙකකට කලින් ලෑස්ති වුණේ නැහැ. ඒ සති පහ තුළ අපි හැම ආසනයකටම යන්න ඕන. දෙමාපියන්, පාක්ෂිතයන් මුණ ගැසෙන්න ඕන. ඔබ වෙනුවෙන් අපේ වැඩපිළිවෙල පිළිබඳව කතා කරන්න ඕන. අපි රට ගොඩනඟපු දේශපාලන පක්ෂයක්. අපිට ප්‍රතිපත්තියක් තිබෙනවා. අපි කාලයෙන් කාලයට අවස්ථාවාදීව වරදාන වරප්‍රසාද පාවා දෙන්නේ නැහැ. ඒ වගේම අපි වැඩපිලිවෙලක් සමඟ දේශපාලන කරනවා. අපි පැහැදිලිවම විශ්වාස කරනවා මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් තරුණයන් වෙනුවෙන් තාක්ෂණික විප්ලවයක් සිදුකළ යුතු වෙනවා. එක් අවස්ථාවක අපි පෝලිම් යුගයක් ගැන කතා කරනවා. නමුත් මිල වැඩිකරලා, ඉල්ලුම අඩුකරලා, පෝලිම් ඉවත් කළා කියා ඵලක් නැහැ. අපි ආර්ථිකය හදන්න ඕන. අනෙක් පැත්තනේ පාස්පෝට් පෝලිම ඉවත් කරනවිට දවසට දෙන ප්‍රමාණය අඩුකළා කියා පොලීසිය යොදවා පෝලිම් ඉවත් කළා කියා විසඳුම ලැබෙන්නේ නැහැ.

තාක්ෂණයට මෙරට රාජ්‍ය පාලනය පරිවර්තනය කිරීම තුළින් පමණයි ගෞරවාන්විත රාජ්‍ය පාලනයක් අපේ රටේ රාජ්‍ය සේවයක් අපේ රටේ ගොඩනඟන්න පුළුවන්. අනෙක් පැත්තෙන් තරුණ පරපුර අපේක්ෂා කරන රැකියා අපි නිර්මාණය කළයුතු වෙනවා. ඊළඟ අවුරුදු 10 තුළ ලක්ෂ 20 ක රැකියා නිර්මාණය කිරීම තුළින් මේ රටේ විරැකියා ප්‍රතිශතය බිංදුවට ගේන්න පුළුවන්. ව්‍යවසායකයන්ට අපි උදව් කරන්න ඕන. වෙළඳ ව්‍යාපාරවල අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට සාධාරණ බදු ප්‍රතිපත්තිකට පරිවර්තනය කළයුතු වෙනවා. සාධාරණ ලෙස බදු ගෙවන්න අපේ රටේ ජනතාව සූදානම්. කාලයෙන් කාලයට පත්වන ආණ්ඩු තමන්ගේ ප්‍රතිපත්ති මත බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න යනවිට වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන්න අපහසු වෙනවා. රැකී රක්ෂා උත්පාදනය වීම නතර වෙනවා. දරුවාගේ පාසල් අධ්‍යාපනය තුළ අපි අපේක්ෂා කරන්නේ කුමක්ද. උසස් පෙළින් පසුව දරුවට විශ්ව විද්‍යාලය දක්වා යන්න නිදහස දියයුතු වෙනවා.

අනෙක් පැත්තෙන් වෘත්තීය පුහුණුව, කාර්මික පුහුණව සහ තාක්ෂණය අනුව තමාගේ හෙට දවස පිළිබඳව දෙමාපියන්ටත් දරුවන්ටත් නිර්මාණය කරගන්න අවශ්‍ය වැඩපිලිවෙල අපි හදා දෙන්න ඕන. ඒ වගේම සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් පැවතිය යුතු වෙනවා. දේශපාලන වේදිකාවේ කාලයෙන් කාලයට මැතිවරණ ළංවනවිට බොහෝ අයට පොරොන්දු දේශපාලනය මතක් වෙනවා. එක් පක්ෂයක් පඩිය 25000 කින් වැඩි කරනවා කිව්වොත් තවත් පක්ෂයක් 50000 කින් පඩි වැඩිකරනවා කියනවා. නමුත් මීට මාස හයකට පෙර කිවුවේ බදු වැඩි නොකර කිසිසේත්ම පඩි වැඩිකරන්න බැහැ කියලයි. ඡන්දය ළංවනවිට අරදේ වැඩි කරන්න පුළුවන්, මේ දේ වැඩිකරන්න පුළුවන් කියා බොහෝ අය කියනවා. මේ සම්ප්‍රදායෙන් අපි මිදෙන්න ඕන. උද්ධමනයට අනුපාතිකව වැටුප් වැඩිකරන ක්‍රමවේදය අපි හදුන්වා දෙන්න ඕන. පෞද්ගලික අංශයටත් මෙය පොදුයි. අපේ ඉලක්කය කුමක්ද. ඊළඟ ඉලක්කය කුමක්ද.

ඊළඟ වසර 10 තුල අපේ රටේ ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 180 දක්වා පරිවර්තනය කිරීමයි. ඒ වෙනුවෙන් තිබෙන සැලසුම කුමක්ද. අපි පැහැදිලිවම දේශීය සහ විදේශීය ආයෝජකයා ආරක්ෂා කරනවා. දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම තුළ නව රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන් වෙනවා. ශක්තිමත් දේශීය ව්‍යාපාරා පැලැන්තියක් අපේ රටේ නිර්මාණය කලොත් පමණයි විදේශ ආයෝජකයෝ ලංකාවට එන්නේ. සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕන. ගුවන් තොටුපල හා වරායන් කේන්ද්‍ර කරගෙන අවම වශයෙන් ඊළඟ වසර පහ තුළ මගීන් මිලියන 80 කට සේවා සපයන මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්කළ යුතු වෙනවා. එවැනි පරිවර්තනයකට යන්න පුළුවන් නම් පමණයි අපිට මිලියන 5 ක 10 ක සංචාරක ව්‍යාපාරයක් කරා යන්න පුළුවන් වෙන්නේ.

අපි දේශපාලනික වශයෙන් වැඩපිලිවෙලක් සමඟ ප්‍රතිපත්තියක සිටිනවා. රැල්ලට අපේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. වරදාන වරප්‍රසාදවලට අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න, මවුබිම දියුණු රටක් බවට පරිවර්තනය කරන්න එක්වන්නැයි ආරාධනා කරනවා.


Top Stories
wedivistara

උතුරු මැද පළාත් 11 ශ්‍රේණියේ විභාග යළි ආරම්භ කෙරේ

wedivistara

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් 5 ක් අත්අඩංගුවට

wedivistara

ජනපති පෙබරවාරි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

wedivistara

රේගු පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා විමර්ශනයට කමිටුවක්

wedivistara

ඡන්ද හිමි නාමලේඛණය සඳහා ලියාපදිංචිවීම මෙවර මාර්ගතගත ක්‍රමයට සිදු කෙරේ

wedivistara

"නාමල් සමග ගමින් ගමට" වැඩසටහනට ජනතාව එකතුවීම ගැන සතුටුයි - සාගර

Trending
wedivistara

සුවසැරියට නව ගිලන් රථ 150 ක් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්

wedivistara

සජබ හා UNP එක්ව මැතිවරණයට තරග කරනවා - රංජිත් මද්දුමබණ්ඩාර

wedivistara

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

wedivistara

වැටුප ගන්නේ නැත්නම්, කැන්ටිමෙන් කන්නේ, නිවාසයේ කුලිය ගෙවන්නේ කොහොමද කියලා රටට හෙළි කරන්න - ප්‍රසාද් සිරිවර්ධන

wedivistara

පැමිණිලි යොමුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

wedivistara

බහාලුම් ගැන එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර


NEWS ALERT