Local

ගෙවීම් තාව­කා­ලි­කව අත්හි­ටුවා ඇති අමෙ­රි­කන් ඩොලර් කෝටි 3,600ක විදෙස් ණය ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක්

Sunday, 18 February 2024 - 12:47 pm

මේ වන විට ගෙවීම් තාව­කා­ලි­කව අත්හි­ටුවා තිබෙන එක්සත් ජන­පද ඩොලර් කෝටි 3,600ක විදෙස් ණය කන්ද­රාව ආපසු ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක් රජය සැල­සුම් කර ඇති බවත්, අවු­රුදු පහත් හයත්, අවු­රුදු හයත් විස්සත් සහ අවු­රුදු විස්සෙන් ඉදි­රි­යට ලෙස මේ තුන් වැදෑ­රුම් සහන පැකේ­ජය ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කොට ඇති බවත් ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය විසින් විදේ­ශීය ණය හිමි­යන්ගේ සහ­යෝ­ගය ඇතිව මේ ණය ආපසු ගෙවීමේ සහන කාල­යක් ලබා ගැනී­මට කට­යුතු කර­මින් සිටී. ‍මේ සහන කාලය ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය එක­ඟ­තාව ලබා ගැනීමේ සාකච්ඡා වට ගණ­නා­වක් මේ වන විට සාර්ථ­කව පවත්වා තිබේ. ඒ එක­ඟතා ලබා ගත හැකි වුව හොත් රජ­යට විදේශ ණය­ව­ලින් 37%ක් වසර 5-6 කාලය තුළ ගෙවී­මට අව­ස්ථාව ලැබෙන අතර, 51%ක් ඉදිරි වසර 6-20ත් අතර කාලය තුළ ගෙවී­ම­ටද, ඉතිරි 12%ක ණය ප්‍රමා­ණය වසර 20කින් එපිට කාල­ය­කින් ගෙවී­ම­ටද අව­ස්ථාව හිමි වන ලෙස මෙය සැල­සුම් කර තිබේ.

මේ අන්ද­මට ණය ආපසු ගෙවීමේ සහන කාල පැකේ­ජ­යක් සකස් කිරී­මට ශ්‍රී ලංකා රජය වෙනු­වෙන් ලොව පිළි­ගත් විද්වත් උප­දේ­ශක සමා­ගම් දෙකක් කට­යුතු කර­මින් සිටින අතර, විදේශ ණය හිමි­යන් සමඟ කතිකා කොට ණය ආපසු ගෙවීම කල් දමා­ගැ­නී­මට ක්ලීෆර්ඩ් හාන්ස් සමා­ග­මත් ණය හිමි­යන් සමඟ කථිකා කොට නීති­මය කට­යුතු සඳහා ශ්‍රී ලංකා රජ­යට සහාය වීමට ලසාර්ඩ් සමා­ගම්ත් තෝරා­ගෙන ඇතැ­යිද ඇමැ­ති­ව­රයා කීවේය. කව­රකු බල­යට පත් වුවත්, කුමන ජනා­ධි­ප­ති­ව­ර­යකු වුවත් මේ එඟ­ක­තා­වන්ට අනුව ණය ආපසු ගෙවී­මට කට­යුතු කළ යුතු බව ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT