Local

අලුතින් මුදල් අච්චු ගහලා නම් අනුර දිසානායකගේ අත්සන පෙන්වන්න..- විජිත

Tuesday, 29 October 2024 - 10:09 pm

නව රජය යටතේ මුදල් මුද්‍රණය කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

නව රජය විදේශ රටවලින් හෝ ආයතන වලින් මුදල් ණයට ගෙන හෝ මුද්‍රණය කර හෝ නැති බවත් හෙතෙම අවධාරණය කරයි.

නව රජයෙන් මුදල් මුද්‍රණය කර ඇත්නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිත නෝට්ටු තිබිය යුතු බවද හෙතෙම කියා සිටියි.

එවන් නෝට්ටු කිසිවක් මෙතෙක් නිකුත් කර නැතැයිද අද කැබිනට මණ්ඩල දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේය.

“මුදල් අච්චු ගැහීම ගත්තොත් ඇතෙන්ම අලුතින් මුදල් අච්චු ගැහීමක් කරලා නැහැ. කරන්න බෑ මොකද ඒක ඉතා පැහැදිලිව තියනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. ඒ නිසා අපි එහෙම මුදල් අච්චු ගහලා නැහැ. ඉතින් එහෙම ගැහුවනම් ඔබට දැකගන්න පුළුවන් අපේ මුදල් ඇමතිතුමා තමයි වර්තමාන ජනාධිපතිතුමා. ඉතින් ඕනම අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවක මුදල් ඇමතිවරයගේ අත්සන තියෙන්න ඕන. ඉතින් අනුර දිසානයක අපේ මුදල් ඇමතිතුමා ජනාධිපතිතුමාගේ අත්සන සහිත නෝට්ටුවක් කොහෙවත් නිකුත් වෙලා නැහැ. එහෙම නෝට්ටුවක් තියනවානම් කියන්න. අපිත් ආසයි එතුමගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න. තාමනම් එහෙම එකක් නිකුත්වෙලා නැහැ. ඉතින් ඒ නිසා ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා බිලියනක මුදල් අච්චු ගහලා තියනවා එහෙම කියලා. ඉතින් ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. එහෙම අලුතින් මුදල් අච්චු ගැහීමක් සිද්ධ වෙලත් නැහැ. අලුතින් ණය ගැනීමක් සිද්ධ වෙලත් නැහැ.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT