Local

සීතාවක රාජසිංහයන් උදෙසා යෙදෙන ගුණානුස්මරණ උළෙල මාර්තු 08 වෙනිදා මැදගොඩ දී  

Monday, 03 March 2025 - 6:08 pm

ලංකා ඉතිහාසයේ බිහිවූ සුවිශිෂ්ඨ රණශූර පාලකයෙකු වූ සීතාවක රාජසිංහයන්ගේ ( ක්‍රි.ව. 1581 - 1593 ) 432 වන අනුස්මරණය යෙදෙන මාර්තු 08 වෙනිදා ඓතිහාසික රුවන්වැල්ල මැදගොඩ ශ්‍රී සිද්ධ පත්තිනි දේවාල පූජාභූමියේදී සීතාවක රාජසිංහ රජතුමා වෙනුවෙන් යෙදෙන ගුණානුස්මරණ සහ පින් අනුමෝදන් කිරීමේ වැඩසටහක් පවත්වන්නට කටයුතු යොදා ඇත..


7දා රාත්‍රී සිට පසුදා උදෑසන දක්වා පැවත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් යෙදෙන අතර උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානමය පිංකමක්ද සංවිධානය කොට ඇත..ඉන් අනතුරුව යෙදෙන විශේෂ පත්තිනි දේව ආශිර්වාද පූජාවෙන් පසුව සිතාවක රාජසිංහයන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු යොදා තිබේ.. රාජසිංහ රජු වෙනුවෙන් යෙදෙන ගුණ අනුස්මරණ විද්වත් දේශනා මාලාවක් ඉන් අනතුරුව පවත්වන්නට යෙදෙන අතර කොරොතොට අංගම් ශිල්පීන් මෙහෙයවන අංගම් සංදර්ශනයක් , සංස්කෘතික අංග වලින් සමන්විත වාදන නර්තන වැඩසටහන් මෙන්ම දේශීය වෛද්‍යවරුන් විසින් පවත්වන්නට යෙදෙන දේශීය වෛද්‍ය සායනයක්ද උත්සව භූමියේ සංවිධානය කර ඇත..


එලෙසම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන පුරාවිද්‍යා ප්‍රදර්ශනයක් සහ ඉතිහාසය හා සහිත්‍යය පොත් ප්‍රදර්ශණයක්ද පවත්වන්නට කටයුතු යොදා තිබේ..රට දැය වෙනුවෙන් අභීතව සටන් කල අසහාය රණශූරයෙකු වෙනුවෙන් කෘතුගුණ සැලකීමක් වශයෙන් මාර්තු මස 08 වන සෙනසුරාදා දවස පුරා පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගී වෙන ලෙස ඔබසැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු..සංවිධානය ඓතිහාසික මැදගොඩ සිද්ධ පත්තිනි දේවාල පූජාභූමිය විමසීම් 077 9193565


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT