Local

ඉමියුනොග්ලොබියුලීන් සෑදු සීදූ‍වේ කර්මාන්ත ශාලාව යළි නිරීක්ෂණයට

Tuesday, 23 January 2024 - 5:12 am

මානව ඉමියුනොග්ලොබියුලීන් නමැති ප්‍රතිදේහ ව්‍යාජව නිෂ්පාදන කළ සීදුව, අමන්දොළුව ප්‍රදේශයේ අයිසෝලෙස් බයෝටෙක් පර්මා (Islek Biotech Pharma) ආයතනය විශේෂ විමර්ශන කණ්ඩායමක් මඟින් ඊයේ (22) දහවල් පරීක්ෂාවට ලක් කෙරිණ.

මෙහිදී එම කාර්මාන්ත ශාලාවේ ශීතකරණයක් තුළ තිබී ව්‍යාජව නිපදන වන ලද බවට සැක කරන මානව ඉමියුනිග්ලොබියුලීන් ( Human Immunogoblin ) කුප්පි 10ක් විමර්ශන නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.

ඊයේ (22) දහවල් 1 සිට 5 දක්වා මෙම කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට ලක් කෙරුණු අතර මේ සඳහා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ දීපිකා බුලත්සිංහල මහත්මිය ඇතුළු පිරිසක්ද, ආහාර හා ඖෂධ විශ්ලේෂක අමිත් පෙරේරා මහතා ඇතුළු පිරිසක්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී තිබුණ. මෙම අවස්ථාවට සමාගමේ අයිතිකරු සුදත් ජනක ප්‍රනාන්දු මහතා ද බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කැඳවාගෙන පැමිණ තිබුණි.

මීට පෙර අවස්ථාවක ද මෙම නිෂ්පාදන කර්මාන්තශාලාව පරීක්ෂා කිරීමකට මෙම විමර්ශන කණ්ඩායම පැමිණ තිබූ අතර, එහිදී මෙම කර්මාන්තශාලාවේ විදුලි බිල ගෙවා නොතිබීම නිසා , විදුලිය විසන්ධි කර පැවති නිසා මෙම පරීක්ෂණය අද දක්වා කල් ගොස් තිබුණි.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ තාවකාලිකව විදුලිය සැපයීමෙන් අනතුරුව මෙම විමර්ශන කටයුතු ආරම්භ විය. එහිදී මෙම නිෂ්පාදන කර්මාන්තශාලාව තුළ තිබූ රසායනාගාර 03ක් සහ කාර්යාලය විමර්ශනයට ලක් කර තිබුණි.

එම විමර්ශනයෙන් අනතුරුව මෙම කර්මාන්තශාලා ප්‍රධාන පරිගණක පද්ධතියට අදාළ මතක ගබඩා 10ක්, එහි ආරක්ෂිත කැමරා පද්ධතියට සම්බන්ධ කර තිබූ දත්ත ගබඩාව ( D.V.R.) සහ මෙම කර්මාන්තශාලාවේ ශීතකරණ තුළ තිබූ , ඔවුන් විසින් නිපදවන ලද ව්‍යාජ යැයි සැක කෙරෙන ඉමියුනොග්ලොබියුලීන් කුප්පි 10ක් ද මෙම විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව මෙම විමර්ශකයින් පිරිස සිය විමර්ශන කටයුතු නිමවා මෙම නිෂ්පාදන සමාගමේ අයිතිකරු ද රැගෙන 01/22 දින පස්වරු 05.00ට පමණ මෙම කර්මාන්තශාලාවෙන් පිටත්ව ගියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT