Local

හිරුණිකා වැලිකඩ සාමාන්‍ය කාන්තා වාට්ටුවකට

Saturday, 29 June 2024 - 7:52 am

සර තුනක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ R වාට්ටුවක ඊයේ (28) රැඳවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා දිනමිණට පැවසීය.

එම වාට්ටුව සාමාන්‍ය සිරකාරියන් රඳවා තබන වාට්ටුවක් වන අතර, ඇය කාන්තා රැඳවූවන්ට නියමිත ඇඳුම (සුදු රෙද්දක් සහ හැට්ටයක්) ඇඳ සිටින බවත්, ඇයට අවශ්‍ය ආරක්ෂාව බන්ධනාගාරය තුළ සපයා ඇති බවත් ඔහු කීය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (29) ප.ව. 2.00ට පමණ බන්ධනාගාර වෑන් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන පැමිණ ඇති අතර, බන්ධනාගාරගත කිරීම සදහා අවශ්‍ය ලිපිලේඛන කටයුතු සම්පූරිණ කර, බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කිරීමෙන් පසු අදාළ සිර වාට්ටුවට යොමු කළ බවද කොමසාරිස්වරයා කීය.

හිරුණිකා මහත්මිය විශේෂ ඉල්ලීම් කිසිවක් සිදු නොකළ අතර, ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක් මේ දක්වා පැනනැඟී නැති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා අවධාරණය කළේය.

බුද්ධිකා ඉඹුලාන


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT