Local

ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් වෙන් කර තිබෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා

Thursday, 14 March 2024 - 7:23 am

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පැවසීය.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

මේ වන විට අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී නැඟීසිටිමින් සිටින රටක්. පසුගිය කාලයේ කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ද විශාල අර්බුද රැසකට මුහුණ දුන්නා.  නමුත් දැන් එම තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා. ඒ හමුවේ රටේ ආර්ථිකය මෙන්ම කෘෂිකර්මාන්තයද පෙර තිබූ තත්ත්වයට වඩා වර්ධනයක් අත්කර ගනිමින් තිබෙනවා.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අපේ ගොවි ජනතාවගේ අස්වැන්න වැඩි කර ගැනීමද ඉතා වැදගත්. ඔවුන් මාස කිහිපයක් තිස්සේ දැඩි වර්ෂාවකට මුහුණ දුන්නා. එහිදී ගංවතුර තත්ත්වය නිසා ගොවීන්ගේ අස්වැන්නට හානි සිදුවෙයි කියා සැකසංකා ඇතිව තිබුණත්, මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව මාස් කන්නයේ සහල් මෙට්‍ර්ක් ටොන් මිලියන 3.6ක අස්වැන්නක් ලැබීමට නියමිතයි. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍ර්ක් ටොන්  මිලියන 2.4ක්. ඒ අනුව  මෙය සතුටු විය  හැකි තත්ත්වයක් බව කිව යුතුයි.

සාමාන්‍යයෙන් හෙක්ටයාරයකින් වී මෙට්‍ර්ක් ටොන් 3000-4000ක් බලාපොරොත්තු වෙනවා. ඇතැම් පළාත්වල හෙක්ටයාරයකට වී මෙට්‍ර්ක් ටොන් 12000 ක අස්වැන්නක් ලැබී තිබෙනවා. මෙම අස්වනු ලබා ගැනීමට ගොවීන්ට තාක්ෂණය පවා ලබා දුන්නා.

ඉදිරියේදී නියඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. එම නිසා හැකි තරම් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුව තිබෙනවා. යල කන්නයේ හෙක්ටයාර් 512,000ක් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගා කටයුතු සඳහා ජලය පරිස්සමින් භාවිතා කළ යුතුයි.

ඒ වගේම අතරමැදි බෝගවලට යොමු වෙන ලෙස ගොවීන්ට උපදෙස් දී තිබෙනවා. එහිදී මුං, ඉරිඟු, අර්තාපල් වැනි වගාවන්ට යොමු විය යුතුයි. මේ කටයුතු සිදු කිරීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල වැඩකොටසක් සිදු කරන බව ද කිව යුතුයි.

තවද මේ වන විට නව වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම බතලගොඩ වී පර්යේෂණ ආයතනය නව වී ප්‍රභේද හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුකරමින් සිටිනවා. නව වී ප්‍රභේද හඳුන්වා දෙන ආයතන තුළ තමයි මේ රටේ ජීවය තිබෙන්නේ.

වී වගාවට අමතරව මිරිස්, බණ්ඩක්කා, දෙළුම්, අඹ වැනි නව බෝග ප්‍රභේද රැසක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කෘෂි පර්යේෂණ අංශ විසින් හඳුන්වා දීම ද සතුටට කාරණයක්. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ නිර්දේශ මත පර්චස් 10කට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 2ක උපරිම මුදලකට යටත්ව ප්‍රතිපාදන ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232 මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර තිබෙනවා. ගොවිතැන් වගා කටයුතු අප රටේ වාරි පද්ධතිය සමඟ බැඳී තිබෙනවා. ගොවීන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව ලබා දීමේ අරමුණින් කුඩා වැව් ඇතුළු වාරි පද්ධතිය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 425ක් වෙන් කර තිබෙන බව පැවසිය යුතුයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT