Local

වාහන ආනයන සීමා ලිහිල් කිරීම 2025 රාජ්‍ය ආදායම ඉහළ නැවීමට සහාය වේවි – IMF

Friday, 02 August 2024 - 6:56 pm

මෝටර් රථ ආනයන මත පනවා ඇති සීමා ලිහිල් කිරීම, 2005 වසරේ දී රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා සහාය වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ නායකත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය දූත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක් නිරත වූ අතර දූත මෙහෙය අවසානයේ දී බෘෘවර් මහතා කළ ප්‍රකාශයක මේ බව සඳහන් වේ.

අදාළ ප්‍රකාශයේ වැඩිදුරටක් මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව, මෙම තීරණාත්මක සන්ධිස්ථානයේ දී අභියෝග සහිතව නැවත යථා තත්ත්වයට පත් වී සිටින මෙම අවස්ථාවේ දී ප්‍රතිසංස්කරණයක් හි ගම්‍යතාව පවත්වා ගැනීම සහ වැඩසටහන යටතේ වන සියලුම වගකීම් නියමිත කාලයට ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, අද දක්වා අත්පත් කරගත් දුෂ්කර ආර්ථික ප්‍රගතිය වඩා තහවුරු කිරීමට සහ ආර්ථිකය ස්ථාවර පදනමක් මතට ගෙන ඒමට ඉත් වැදගත් වේ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට පිණිස තවදුරටයත් ප්‍රයත්න දැරීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන මැදි කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික ශේෂයක් පවත්වා ගැනීමේ අරමුණ කරා ළඟා වීම සඳහා 2025 අයවැය, සුදුසු ආදායම් ක්‍රියාමාර්ග සහ අඛණ්ඩ වියදම් සීමා කිරීම මත පදනම් විය යුතුය.

මෝටර් රථ ආනයන මත පනවා ඇති සීමා ලිහිල් කිරීම, 2005 වසරේ දී රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා සහාය වනු ඇත.

2025 වසරේ අප්‍රේල් වන විට අපනයනකරුවන් සඳහා නිසි ලෙස ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුළු බදු පරිපාලන ප්‍රතිසංස්කරණ මගින්, බදු අනුකූලතාව තවදුරටත් වැඩිදියුණු කළ හැකිය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT