Local

මධ්‍යම පළාත ගැන සොයා බැලූ UN ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා

Sunday, 17 March 2024 - 4:35 pm

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෲ ෆ්‍රෙන්ච් (Mark Andre Franche) මහතා ඇතුළු නියෝජිත පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ සමග සාකච්ඡාවක් (14) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී දෙපාර්ශවය අතර, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන හරහා මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් හා සේවා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

එයට අමතරව පළාතේ සංචාරක සංවර්ධනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධිත ආයතනවල සම්බන්ධිකරණයේ අවශ්‍යතාව, සමාජ, ආර්ථික ගැටලු, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය හා වාර්ගික විවිධත්වය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගි වූ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරයා විසින් සමරු තිළිණ ලබාදීමද සිදුවිණි.

මෙම අවස්ථාව සඳහා මධ්‍ය පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් සහභාගි වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT