'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
'සිරි දළදා වන්දනාව' සඳහා අධික ජනතාවක් පැමිණීම හේතුවෙන් අද සහ හෙට මහනුවරට පැමිණීමෙන් වළකින ලෙසද වන්දනාකරුවන්ගෙන් පොලීසිය ඉල්ලීමක් සිදුකර තිබෙනවා.