Local

පොලිස්-බන්ධනාගාර නිලධාරීන් නීතිඥයන් ග්‍රහණයට අරන් මෙය මත්රකුසා පැරදවීමට ලොකු බාධාවක්

Monday, 04 March 2024 - 7:56 am

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහා නාහිමියන් හමුවේ පවසයි

විෂ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ හා බද්ධව අති විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වන බැවින් ජාවාරම්කරුවන් පොලිසිය, නීතිඥයන්, බන්ධනාගාර නිලධාරින් ඇතුළු බොහෝ දෙනකු මුදල් බලයෙන් ඔවුන්ගේ ග්‍රහණයට ගන්නා බවත් සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙළට ඇති ලොකුම බාධාව මෙය බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සහ ජාවාරම් කටයුතුවල නිරත වන පුද්ගලයන් පොලිසියේ මෙන්ම හමුදාවේ ද සිටින බවත් ඔවුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙන බවත් ඒ මහතා කීය.

පොලිස්පතිවරයා මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ද අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ද බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව යුක්තිය මෙහෙයුමේ ප්‍රගතිය සම්බන්ධව උන් වහන්සේලා දැනුම්වත් කළ පොලිස්පතිවරයා රටින් මත්කුඩු ඉවත් කිරීම සඳහා තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ඉතා කෙටි කාලයකදී සාර්ථක අවසානයක් කරා එළඹෙන බව ද කීවේය.

මත්කුඩු ප්‍රශ්නය නැති කළහොත් අපරාධ රැසක් වළක්වා ගැනීමට හැකි බවත් දැනට සිදුවන අපරාධ බොහොමයකට හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය බවත් තෙන්නකෝන් මහතා පැවසුවේය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් ද අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් ද බැහැදැක ආශීර්වාද ලබාගත් පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විෂ මත්ද්‍රව්‍ය නැති කිරීමේ ඉලක්කය මුළුමනින්ම ළඟා කරගන්නා තෙක්ම යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බවත් ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ නතර කිරීමටත් අප කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය. සංවිධානාත්මක අපරාධ කල්ලිවල බොහෝ පිරිසක් මැදපෙරදිග හා වෙනත් රටවල සිට මෙරට අපරාධ මෙහෙයවන බවත් ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ලබා ගනිමින් ඒ අය රටට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමයක් ආරම්භ කළ බවත් ඒ මහතා කීවේය.

විදේශ රටවල පොලිස් අත්අඩංගුවේ සිටින මෙරටට අවශ්‍ය අපරාධකරුවන් රටට ගෙන්වා ගැනීම සඳහා මහජන ආරක්ෂක ඇමැතිවරයා සහ විදේශ කටයුතු ඇමැතිවරයා ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් විදේශ රටකින් කැඳවීමක් ලද විගස පිටත්ව යන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සූදානමින් සිටින බවත් කී ඒ මහතා විදේශගතව සිටින අපරාධකරුවන් රටට ගෙන්වා ගැනීම අපේක්ෂා කරන වේගයෙන් කළ නොහැකි යැයි ද අවධාරණය කළේය. විදේශ රටවල අත්අඩංගුවේ පසුවන රටට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිපදෙනකු හඳුනාගෙන සිටින බවත් ඔවුන් ඉක්මනින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් තෙන්නකෝන් මහතා පැවසුවේය.

සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍ය විකෘති කරමින් නො‍ෙයකුත් සාවද්‍ය තොරතුරු සංසරණය වන බවත් තමන් මහණ වී සිවුරු හරින ලද අයකු ලෙස ගිය ප්‍රචාරය ද එවැනි අසත්‍ය තොරතුරක් බවත් කී ඒ මහතා තමන් කිසිදා මහණ වී නොසිටියේ යැයි ද පැවසුවේය.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT