Local

ඇමතිවරුන්ගේ පුද්ගලික ජල විදුලි බිල් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවන්නයි යන්නේ - විජිත හේරත්

Saturday, 23 March 2024 - 4:40 pm

අමාත්‍යවරුන්ගේ පුද්ගලික විදුලි බිල්පත් හා ජල බිල්පත් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බව ජාතික ජන බල‍වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

පුද්ගලික වියදමින් විදුලි බිල ගෙවීමට අමාත්‍යවරයාට අසීරු බැවින් අමාත්‍යාංශයට වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් එය ගෙවා දැමුවාට කමක් නැතිදැයි විමසා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‍ලේකම් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවද, එසේ ගෙවීම අනුමත කර නැවත ලිපියක් එවා ඇති බවද, කෙසේ නමුත් එය නීති විරෝධී බවද ඔහු පෙන්වා දුන්නා.

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ගේ ගැටළු පිළිබඳව (22) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කල අතර, මෙවැනි තත්ත්වයකදී ගොවියාට වී කිලෝවකට රුපියල් 140 ක් ‍ගෙවීමට නොහැකි යැයි පැවසීම කිසිදු ‍ආකාරයකට සාධාරණීකරණය කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT