ඕලූවිල්හි පිහිටි අග්නිදිග විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පවතින ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් එහි ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.
නේවාසිකාගාරවල සිටින සිසුන් හට ඉන් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ.
තාක්ෂණ විද්‍යා පීඨයේ විභාග ද මේ හේතුවෙන් කල් දමා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.