Local

අපි ගේන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් - අනුර

Monday, 26 February 2024 - 9:05 am

ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ ඔවුන් මහා බ්‍රහ්මයාගේ නළලෙන් මැවූ ලෙස සහ රටේ පුරවැසියන් යටිපතුලෙන් මැවූ ලෙස බවයි මහනුවර දිස්ත්‍රික්කයේ (24) පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

තම පක්ෂය යෝජනා කරන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මධ්‍යස්ථානයක් බවද, එය දේශපාලකයා ජනතාවට බයේ සැඟවී සිටින තැනක් නොව, දේශපාලකයා සහ ජනතාව අතර සමීප සම්බන්ධතාවක් තිබෙන තැනක් බවද, සාමුහිකත්වය, මානුෂික බැඳීම්, ආධ්‍යාත්මික බැඳීම් සහ අනෙකා කෙරෙහි සහකම්පනයකින් යුත් මිනිස් සමාජයක නව ආර්ථික මාවතක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සෞඛ්‍ය ඇමැතිවරයා බෙහෙත්වලින් හොරකම් කරන, අගමැතිවරයා මහ බැංකුව සොරා කන රටක් ජනතාවට අනවශ්‍ය බවද, ඒ වෙනුවට නව පුනරුද යුගයක් ජනතාවට අවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

ඔක්තෝබර් මාසය වන විට දූෂිත පාලකයින්ගෙන් නිදහස් වීමේ සතුට මෙරට ජනතාව භූක්ති විඳිනු ඇති බවද, වත්මන් පාලකයන් පලවාහැර පාලන තන්ත්‍රය පෙරළා දැමීම හරහා ජනතාව විශාල පිබිදීමකින් රට ගොඩනැඟීමට ඉදිරියට එනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT