කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා.
එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&P SL20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමුවරට පසුකරගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,597.16 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 94.71 කින් ඉහළගොස් ඒකක 5,056.74 ක් ලෙසත් සටහන්වී තිබෙනවා.
රු. බිලියන 8.31 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.