Local

හිටපු ඇමතිගේ ලොකු ජාවාරමක් එලියට.. උඩ සිට පහලටම මුදල් ජාවාරමක..

Monday, 21 October 2024 - 8:45 pm

විදේශ රැකියා ආයතනය මඟින් පුද්ගලයන් රැකියා සඳහා විදේශගත කිරීමේදී එවකට හිටපු ඇමැතිවරයාගේ සිට අධ්‍යක්ෂ මණ්ඩලය හා නිලධාරීන් ඇතුළු ජාවාරම්කරුවන විශාල වශයෙන් මුදල් ජාවාරම් කර ඇති බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ මාලිමාවේ විදේශ රැකියා ආයතන සංසදයෙන්පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

“විදේශගත වූ වන්ගේ අරමුදලින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් විනාශ කර තිබෙනවා. මේ සම්බ- න්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ සිදු කරනවා. මෙරට රැකියා පුහුණු ඇති ශ්‍රමිකයන් විදේශගත කොට රටට ඩොලර් ගෙන ඒමේ සේවාව විධිමත් කිරීමටත්, ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව ඇති කිරීමටත් අවශ්‍ය මැදිහත්වීම සිදු කරනවා.

ඒ ආයතනවල කටයුතු කළ දේශපාලනඥයන් ඇතුළු සුදුසුකම් නැති පුද්ගලයන් වෙනුවට දේශපාලකයන් නොවන සුදුසුකම් ඇති පුද්ගලයන් පත්කිරීමට වත්මන් රජයට අවශ්‍ය පරිදි සිදු කළා.

ජනතාවට පාරිභෝගික ද්‍රව්‍ය දීම රජය සතු වගකීමක්. මාෆියාවකින් රටේ ජනතාව මංකොල්ලකෑමට ජාතික ජන බලවේගය රජය ඉඩ තබන්නේ නෑ. ඒ මාෆියාවන් අවසන් කිරීමටත් අපි කටයුතු කරනවා.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT