Local

අපේ බලය පෙන්වමු - දිලිත්

Thursday, 05 September 2024 - 8:15 pm

ජාතික ආරක්ෂාව ගැන නිවැරදි විගණනයකින් තොරව හමුදාව ස්වාභාවිකව දුර්වලවීමකට ඉඩහැරීම පිටුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

අද (05) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශයක් තුළම හමුදාව දුර්වල කිරීම පිළිබඳ කරුණු සඳහන් කර ඇති බවය.

'මම දැක්කා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම එකක් තියෙනවා. මේක පුදුම ලෙඩක් වෙලා. ඔය කියන්නේ ත්‍රිවිධ හමුදාවේ ශක්තිය ස්වාභාවිකව අඩුවීමට ඉඩ සලස්වනවා කියලා. ඒක අපේක්ෂකතුමාගේ භාෂාවෙන්ම දාලා තියෙනවා. ස්වාභාවිකව දුර්වලවීමට ඉඩ හැරීම. මට තේරෙන්නේ නැහැ... මේ හමුදාව පස්සෙම යන්නේ ඇයි කියලා. ඒක වියදම් වැඩිනම් ඔය තියෙන්නේ දේශපාලකයින්ගේ අඩු කරන්න. හැම ප්‍රතිපත්ති ප්‍රකාශයක් අස්සෙම හමුදාව දුර්වල කිරීම ගහලා තියෙනවා. ඕක ජනතා විමුක්ති පෙරමුණ එකෙත් තියෙනවා...වෙන විදියකට. ඔක්කොටම පුදුම පිස්සුවක් හැදීගෙන යන්නේ. මේ රට රැක ගන්නට එදා මෙන් අදත් ඉන්නේ ත්‍රිවිධ හමුදාව. මේක මහා විරෝධාර හමුදාවක්. මොන විද්‍යාත්මක පදනමකින් ද කියන්නේ හමුදාව දුර්වල කිරීමක් ගැන. මේ කියන්නේ මේ ඔක්කොම විවිධ බලපෑම්වලට නතු වුණු දේශපාලන බලවේග සහ අපේක්ෂකයින්. අපේ ස්වාමීන්වහන්සේලාගේ නිහඬතාවයක් අද අපි දකිනවා. හේතුව සමාජ මාධ්‍යයෙන් ගහන නිසා. මේක නතර කරන්න ඕනේ. අපේ සැබෑ බලය අපි පෙන්වන්න ඕනේ. නිරාගමික සංකල්ප ගෙනාවට.. සුළුතරයකට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT