Local

ජනපති දුන් පොරොන්දුව ඉටු කරමින් මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට නව ශ්‍රවණාගාරයක්

Thursday, 07 March 2024 - 4:06 pm

  • රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ එදා සිටම විශාල වැඩකොටසක් ඉටු කළා – රුවන් විජේවර්ධන මහතා.

මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 06 වනදා විද්‍යාලයේ පැවති උත්සවයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දරුවන්ට ලබා දුන් පොරොන්දුව අනුව විද්‍යාලයේ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් (06) සිදු විය.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර එකවර සිසුන් 5000කට පමණ එක්රැස් විය හැකි සියලු පහසුකම්වලින් සමන්විතව මෙම නව ශ්‍රවණාගාරය ඉදි කිරීමට නියමිතය.

නව ශ්‍රවණාගාරයට මුල්ගල් තැබීම වෙනුවෙන් විද්‍යාලයේ පැවති උත්සවයේ දි අදහස් දැක්වූ රුවන් විජේවර්ධන සඳහන් කළේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගනිමින් ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කඩිනමින් නිමකර, සිසු අයිතියට පවරා දීමට කටයුතු කරන බවයි.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ එදා සිටම විශාල වැඩකොටසක් ඉටු කළ බව මෙහිදී පෙන්වා දුන් රුවන් විජේවර්ධන මහතා ජනාධිපතිතුමා බියගම ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව එම ප්‍රදේශයේ නව රෝහලක් ඉදිකිරීමේ කටයුතු ද ලබන මාසයේදී ආරම්භ කරන බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රුවන් විජේවර්ධන මෙසේ ද පැවසීය,

මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ මෙම විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සහභාගි වූ අවස්ථාවේ මෙම විද්‍යාලයට ශ්‍රවණාගාරයක් ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නා.

ඒ අනුව අද එතුමා මෙම විද්‍යාලයට අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකර දීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා නාවික හමුදාවේ ද ශ්‍රම දායකත්වය ඇතිව මෙම ශ්‍රවණාගාරය ඉතා ඉක්මණින්ම ඉදිකර සිසු අයිතියට පවරා දෙන බවට මම මේ අවස්ථාවේ පොරොන්දු වෙනවා.

රනිල් වික්‍රමසිංහ සහ මේ මල්වාන ප්‍රදේශය අතර විශාල බැඳීමක් තිබෙනවා. එදා බියගම ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ එතුමා මේ ප්‍රදේශයට විශාල සේවාවක් ඉටු කළා. විශේෂයෙන්ම මේ මල්වාන ප්‍රදේශයේ දූ දරුවන්ගේ මෙන්ම රටේම දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමට එතුමා විශාල වැඩකොටසක් සිදු කළා.

එතුමා සමග සුරනිමල රාජපක්ෂත් මේ ප්‍රදේශයේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවාවක් සිදුකර තිබෙනවා.

නව ශ්‍රවණාගාරය ඉදිකිරීමෙන් පසුව එයින් මෙම පාසලට පමණක් නොව ප්‍රදේශයටම විශාල සේවාවක් ඉටුවනු ඇතැයි මම විශ්වාස කරනවා. අනෙක් පාසල්වලට ද මේ ශ්‍රවණාගාරය භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයට රෝහලක් ලබා දෙන බවට ද රනිල් වික්‍රමසිංහ පසුගිය මහ මැතිවරණයේදී පොරොන්දුවක් ලබා දුන්නා. ඒ අනුව එම රෝහල ඉදිකිරීම සඳහා ද ලබන මාසය වන විට මුල්ගල තැබීමට හැකිවනු ඇති බව මම මෙම අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා.

ඒ වගේම මේ ආසනයට තවත් එක් ජාතික පාසලක් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම මගේ තවත් බලාපොරොත්තුවක්. රනිල් වික්‍රමසිංහ මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සැම විටම කැපවී සිටිනවා. මේ ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟාසිටුවීම වෙනුවෙන් එතුමා සිදු කරනු ලබන කැපවීම පිළිබඳ අප ආඩම්බර විය යුතුයි.

ජනාධිපතුතිමාගේ නායකත්වය යටතේ මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට අප සියලු දෙනාම කැපවී සිටිනවා. මේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආදි ශිෂ්‍ය සංගමය මෙම ශ්‍රවණාගාරය පාසලට ලබාදීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. එම සියලුම දෙනාට ද මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා.

මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්. එච්. එම්. නයිම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT