Local

මහින්දගේ ආරක්‍ෂක රථ ආපසු බාර දෙන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දන්වයි…

Saturday, 19 October 2024 - 10:19 am

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ තුනක් ආපසු බාර දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම දී ඇත.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇත්තේ තමන් මේ දිනවල තංගල්‍ල නිවසේ රැඳී සිටින බවත් කොළඹ පැමිණි පසු එම වාහන භාරදීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙම කටයුතු සිදු කරන්නේ බුද්ධි අංශ අනුමැතිය ඇතුවදැයි ගැටලුවක් ඇති බවය.

යුද්ධය අවසන් කළ නායකයා ලෙස ඇති ජීවිත තර්ජන අවසන් වන සීමාවක් කිසිවෙකුට නිශ්චය කර නොහැකි බවද පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට ඇති තර්ජන පිළිබඳ තක්සේරු කිරීමකින් මේ තොරව මේ ආකාරයට කටයුතු කිරීම වැරදි බවත්ය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT