Local

අගමැති පෙර දැනුම් දීමකින් තොරව මන්දාරම් නුවරට

Monday, 15 January 2024 - 10:06 pm

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (15)  මන්දාරම්නුවර ජනතාව පෙර දැනුම්දීමකින් තොරව  මුණගැසිණි.

ප්‍රදේශයට බලපාන කරුණු, යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග බොහෝ අදහස් හුවමාරු කරගත්තේය.

එළවළු වර්ග ඇතුළු අස්වැන්න කල් ඉකුත් නොවී, ප්‍රධාන වෙළඳපොළට ගෙනයාමට ආර්ථික  මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ඔවුන් දැඩිව පෙන්වා දුන්නේය.

දරුවන්ට හා තරුණයන්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක්, පානීය ජල හා මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් රැසක අඩුපාඩුව ඔවුන් පෙන්වා දුන්නේය.

ලංකාවේ සුන්දරම සුවිශේෂි කඳු  ප්‍රදේශය ආරක්ෂා කොට රටට සහ ලොවට දකින්නට සහ විඳින්නට ඔවුන් කටයුතු කරන බැවින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ජන අනන්‍යතාවය, සංස්කෘතිය, සම්ප්‍රදායික තත්ත්වයන් නොවෙනස්ව, විශේෂයෙන් මතින් තොරව සංචාරක ව්‍යාපාරය තම ප්‍රදේශය තුල සංවර්ධනය විය යුතු බව ඔවුන් පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ද එක්විය.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT