Local

අත්අඩංගුවටගත් විරෝධතාකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Monday, 02 December 2024 - 10:00 pm

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදී  සිටියදී කලාකාරී ලෙස හැසිරුණු බවට අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා අද (02) නියෝග කළේය.

අයුතු ජන රාශියක සාමාජිකයන්වීම සහ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ තලංගම පොලිසිය විසින් මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් කලහකාරී ලෙස හැසිරෙමින් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුකර ඇති බවත් එම පොලිස් නිලධාරින් තිදෙනා කොළඹ ජාතික රෝහලේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුවන් සිව්දෙනා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් වෙත යොමුකරන ලෙසත් නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන නුවන් බෝපගේ, නුවන් ජයවර්ධන මහත්වරු ඇතුළු නීතිඥ කණ්ඩායමත් ඉදිරිපත් විය.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT