රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හතළිහක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙරට රෝහල්වල පසුගිය වසරේ ඖෂධ වර්ග තුන්සියයක පමණ හිඟයක් පැවතියත් මේ වන විට එම ඖෂධ සපයා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම තත්ත්වය මත විනිවිදභාවයෙන් යුතුව දැඩි නියාමනයකට ලක්කර නිර්ණායකයන්ට එකඟව දිගටම රෝහල්වලට ඖෂධ සපයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම දේශීයව ඖෂධ නිෂ්පාදනයට කටයුතු කරන පුද්ගලයින්ට උපකාර කර ඔවුන්ගෙන් ඖෂධ ලබාගැනීමටද කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.