Local

පොහොට්ටුව ආණ්ඩුවේ කොටසක් වුනත් රටේ නායකයගේ ප්‍රතිපත්ති අපිට වඩා වෙනස් - මහින්ද

Wednesday, 20 December 2023 - 11:57 pm

මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයාද එම පක්ෂයේ ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.

බදු අඩු කළ යුතු යන ඉල්ලීම ඉතාමත් ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බවත් බදු බර අඩු කළ විට පුද්ගලයින්ට මෙන්ම සමාගම්වලට වියදම් කිරීමට හා ආයෝජනය කිරීමට ඇති මුදල් ප්‍රමාණය වැඩි වන බවද ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව අනාගතයේදී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය ලබාදෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය හා ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ඉදිරි මැතිවරණවලදී ජනතාව කුමන තීරණයක් ගත්තද එය නිවැරදි දත්ත මත පදනම් වූ තීරණයක් විය යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්. 

news images news images
 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT