Local

මහජන පැමිණිලි විමර්ශනය සඳහා රේගු අභ්‍යන්තර ඒකකයක්

Thursday, 08 August 2024 - 7:41 pm

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවයි.

එමෙන්ම රේගු දෙපාර්තමේන්තුව ලබා දුන් ආදායම් ඉලක්ක අභිබවා යමින් සුවිශේෂී මෙහෙවරක් රට වෙනුවෙන් සිදු කරමින් සිටින අතර ඒ හේතුවෙන්ම විවිධ පැසසුම් සේම චෝදනා එල්ල වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එබැවින් තවදුරටත් මහජනතාව සහ දෙපාර්තමේන්තුව අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට මෙම ඒකකය හේතු වනු ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෙතද මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කරන බවයි.

මෙහිදී පැමිණිලි යොමු කළහැකි ක්‍රමවේදයන් ලෙස,

දුරකතන අංක 0112 – 221 331/ 0112 – 221 333/ 0704 – 752 803
විද්‍යුත් තැපැල් ලිපිනය – iau.slcustoms@gmail.com
Whatsapp අංකය – 070 4 752 803 සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT