Local

‘ඔන්ලයින්’ කෙටුම්පත් විවාදය අද-හෙට

Tuesday, 23 January 2024 - 5:14 am

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (23) සහ (24) හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මෙම සතියේදී පැවැත්වීමට පසුගිය සතියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත. ඒ අනුව මෙම විවාදය අද සහ හෙට පැවැත්වේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලැසීම, තහනම් කාර්ය සඳහා මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා සහ ප්‍රකාශයට පත්කිරීම සඳහා විධි විධාන සැලැස්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඬ පැවැත්වීම යන කරුණු වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත ගෙන ඒම සිදු වේ.

එමෙන්ම අසත්‍ය (false) තර්ජනාත්මක (threatening) බියගන්වනසුලු (alarming) පීඩාකාරී (distressing) ප්‍රකාශ සන්නිවේදනය කිරීම මඟින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වා‍ෙගන යාමට අගතිගාමී වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීම වැළැක්වීම, ‍ෙකටුම්පත යට‍ෙත් වූ වැරදි සිදු කිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ කබාට් (bots) අවභාවිත කිරීම (misuse) හඳුනාගැනීම, වැළැක්වීම සහ එයට එ‍ෙරහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වා දීම, එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට ‍ෙවනත් ආධාර ලබා දීම වැළැක්වීමත් මෙම පනත් කෙටුම්පතේ අරමුණු බව පනත් කෙටුම්පතෙහි සඳහන් වේ. ඒ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කිරීමට නියමිත මාර්ගගත සුරක්ෂිතතාව පනත් කෙටුම්පත පිළිබඳ Research Lanka ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇත.

මාර්ගගත සුරක්ෂිතතාව (Online Safety) පනත දැනුම්වත්ද යන්න පිළිබඳව 75%ක පිරිසක් ඔව් යනුවෙන්ද 23.3%ක පිරිසක් නැත ලෙසද ප්‍රතිචාර දක්වා ඇත. මෙවැනි පනතක් මේ මොහොතේ ගෙන එන්නේ කුමන අරමුණකින්ද යන්න විමසීමේදී විරුද්ධවාදීන් මර්දනය කිරීම බවට 62.7%ක් ද සද්භාවයෙන් යුක්තව සිදුකරනු ලබන ක්‍රියාදාමයක් බවට 23.7%ක් ද සාධාරණ සමාජ මාධ්‍ය නියාමනයක් වෙනුවෙන්.10.2%ක් ද වශයෙන් පිළිතුරු සපයා ඇත. මෙම පනත හරහා සමාජ මාධ්‍ය නියාමනයක් සිදුවේ යැයි ඔබ විශ්වාස කරන්නේද යන්නට ඔව් ලෙස 45%ක් සහ නැත වශයෙන් 53.3%ක් ප්‍රතිචාර දක්වා ඇත.

රට තුළ සමාජ මාධ්‍ය නියාමනයක් සිදු කළ යුතු බව පිළිගන්නා ප්‍රමාණය 76.7%කි. පිළිනොගන්නා ප්‍රමාණය 21.7%කි ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලවලට නව පනත හරහා බලපෑමක් එල්ල වෙයි යනුවෙන් 75%ක පිරිස විශ්වාස කරන අතර එසේ නොවන බවට 23.3%ක් ප්‍රතිචාර දක්වා තිබේ. මෙම පනත 23, 24 පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කිරීමට ඔබ එකඟද යනුවෙන් විමසීමේදී ඔව් ලෙස 26.2%ක් ද නැත ලෙස 72.1%ක් ද මෙහි දැක්වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT