Local

අත්අඩංගුවට ගත් කෙහෙළියගේ නිවසේ සිටි මෙහෙකාරියට ඇප

Tuesday, 17 June 2025 - 11:03 am

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ රඹුක්වැල්ලගේ නිවසේ මෙහෙකාරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

 
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ කැඳවනු ලැබුවා. 
 
එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරිය විසින් ගනුදෙනු කළ බැංකු ගිණුමක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළා. 
 
පස් කැපීමේ ව්‍යාපාරයක් සඳහා එම බැංකු ගිණුම ආරම්භ කළ බව සැකකාරිය ප්‍රකාශ කළත් එහි මුදල් හුවමාරු වී ඇති ආකාරය පිරික්සීමේදී එවැනි ව්‍යාපාරයක් පවත්වා නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කියා සිටියා. 
 
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සැකකාරිය විසින් පරිහරණය කර තිබෙන්නේ තුන්වන සැකකාර නිශාන්ත බස්නායක නැමැත්තාගේ බැංකු ගිණුමේ මුදල් බවත් එම මුදල් රජයේ මුදල් නොවන බවත් සඳහන් කර සිටියා. 
 
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය රුපියල් මිලියනය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා. 
 
ඇයගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කළා. 
 
ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝම්බර් මස 10 වන දා කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියම කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT