Business

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

Saturday, 10 August 2024 - 9:42 am

භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා 2024 අගෝස්තු 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹෙන ලදී.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්. ආර්. ඒ. එන්. එස්, විජයසිංහ මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභාති කීර්තිරත්න මහත්මිය අදාළ ආයතන ඩෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි. මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ඊ එච් මොහොට්ටි මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයිම සහ ඒ ආශ්‍රිත අපරාධ සඳහා නෛතික පුද්ගලයින් සහ නෛතික වැඩපිළිඩෙලවල් අනිසි ලෙස භාවිතා කළ හැකි අතර, එමඟින් ජාතික සහ ගෝලීය ආර්ථික හා මූල්‍ය පද්ධතිවල ස්ථාවරත්වයට තර්ජනයක් ඇතිවිය හැකිය. නෛතික වැඩපිළිඬේලවල් යන්නට ප්‍රකාශිත භාරයක්, භාරකාරත්ව ගිණුමක් හෝ නාමිකයෙකු ඇතුළත් විය හැකිය. මෙම අවබෝධතා ගිවිසුම මගින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට හාර, දේපළ ලියාපදිංචි කිරීම සහ ඒ ආශ්‍රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් අදාළ තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය ඩෙත සැපයිමට පහසුකම් සැලසෙනු ඇති අතර, එය මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ වැළැක්වීම, අනාවරණය කර ගැනීම සහ එම වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කර නඩු පැවරීම සඳහා ඉතා වැදගත් වනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමත් සමඟ, මූල්‍ය බුද්ධි ඒකකය, මෙරට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලිසිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව ඇතුළු දේශීය රාජ්‍ය ආයතන 15 ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇත. එසේම, මූල්‍ය බුද්ධි ඒකකය විදේශීය පාර්ශ්ව 45 ක් සමඟ ද අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇත.


Top Stories
wedivistara

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

පොසොන් සතිය අදින් ඇරඹෙයි

wedivistara

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

wedivistara

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT