Local

කෝටි 3කට අධික වැට් බදු නොගෙවූ ජනක රත්නායකට සිතාසි

Tuesday, 05 November 2024 - 11:30 am

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එළැඹෙන දෙසැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (04) නියෝග කළේය.

ඒ කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීමේ ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි තුනකට අධික වැට් බදු නොගෙවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා යන අඹුසැමි යුවළ මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් බවත් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වා සිතාසි නිකුත්කර තිබුණි.

නමුත් එම වගඋත්තරකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිට ඒ වෙනුවට එම සමාගමේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

එබැවින් වගඋත්තරකාර අඹුසැමි යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. 

මෙම ආයතනය වෙනුවෙන් 2016, 2017, 2018 වර්ෂ තුන සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 31,846,248.24ක් හා හිඟ ආදායම් බදු මුදල් වශයෙන් රුපියල් 1,851,658.37ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් ඔවුන් එම මුදල් ගෙවීම පැහැර හැර ඇති බව නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දන්වා තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT