Local

මහ ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක්

Wednesday, 09 October 2024 - 10:59 am

මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා භාර දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඊයේ (08) දිනය අවසන් වන විට දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධින කණ්ඩායම් 16ක් එලෙස නාම යෝජනා භාරදී තිබූ බවය.

මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මැතිවරණ කොට්ඨාස සඳහා ඊයේ දිනය අවසන් වනතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී නොතිබු බව එම කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතය.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය ලබන 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ සඳහා අයඳුම්පත් භාරගැනීම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතිව තිබුණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT