Local

අපේ රට පැව­තුණු අඳුරු යුග­යෙන් යම් දුර­කට ජන­පති ඉදි­රි­යට ගෙනාවා

Saturday, 11 November 2023 - 2:26 pm

රට පත්ව තිබුණු අඳුරු කාලපරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බව හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ඊයේ (10) පැවති විශේෂ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් හිටපු ඇමැති රවි කරුණානායක මහතා මෙසේද පැවසීය.
මම හිතන්නේ අපේ රට ඉතාමත් අඳුරු කාලයක ගමන් කරන වෙලාවක්. ආර්ථිකය කඩාගෙන වැටුණා. මා හිතන විදිහට වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ මහතා අපේ රට පැවැති අඳුරු යුගයෙන් යම් තරමකට ඉදිරියට ගෙනත් තිබෙනවා. ඒක ලෙහෙසි ගමනක් නෙමෙයි.නමුත් මේ අයවැයත් අමාරු දුෂ්කරතාවෙන් උඩට ගේන්න පුළුවන්. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම සාමූහික හැඟීමකින් උදව් කළ යුතුයි. වැටිලා තිබෙන ආර්ථිකය ගොඩගැනීමට එතුමා කටයුතු කරනවා. මේ රට බංකොලොත් කළේ එතුමා නෙමෙයිනේ. ඒ නිසා මේ ආර්ථික අවපාතයෙන් එළියට එන එක ලේසි කටයුත්තක් නෙමෙයි. අප කළ යුත්තේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි.
හැමදේම නිකං දෙනවට වඩා ස්වාධීනව මහන්සි වෙලා වැඩ කරලා ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. කොම්පැණි ලක්ෂ එකහමාරක් පමණ තියෙනවා.නමුත් බදු ගෙවන ෆයිල් තියෙන්නේ විසිදාහයි. මේක පුදුම රටක්.මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි.
රජයේ නිලධාරීන් දක්ෂයන් ඉන්නවා. නමුත් 15%, 20% කට්ටිය මේ රට නොමඟ යවලා තියෙනවා. හැමෝම දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කරනවා. අද ලංකාවේ ඉන්නේ දේශපාලකයෝ නවදාහක් විතර. අපි කියමුකෝ මේ දේශපාලනඥයෝ ඔක්කොම එපා කියලා. එතකොට ලක්ෂ දාහතක රාජ්‍ය නිලධාරීන් මොකද කරන්නේ. මේ හැමදේම කරන්න තියෙන්නේ ඔවුන්ගෙන්. මේ රට අවුරුදු 75 තිස්සෙම එක් එක් කෙනාට ඇඟිල්ල දික් කර ප්‍රශ්න මඟ ඇරලා තියෙන්නේ. දැන්වත් ඒ තත්ත්වය වෙනස් කළ යුතුයැයි ඒ මහතා පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT