Local

වර්ජනය නොකළ අයට දෙන 10,000 දීමනාව මැකො නවතයි

Friday, 23 August 2024 - 8:59 am

රජයේ සේවකයන් වැඩවර්ජනයක යෙදුණු පසුගිය ජූලි 08 සහ 09 දෙදින සේවයට පැමිණි, විධායක සේවයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා මේ මස වැටුපට ගෙවීමට නියමිතව තිබූ රුපියල් දස දහසක ඇගැයීම් දීමනාව නොගෙවන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති මෙම කාලසීමාවේදී මෙවැනි අමතර ඇගැයීම් දීමනාවක් ලබා දීම දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමක් විය හැකි බැවින් ඡන්ද විමසීමෙන් පසු එම ඇගැයීම් දීමනාව සහ ප්‍රශංසා සහතික ලබා දීමට කටයුතු කරන මෙන් කොමිසම ලිපියයක් මඟින් අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා යවා තිබේ.

වැඩවර්ජනයට එක් නොවූ විධායක සේවයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන්ට මෙම මස වැටුපට රුපියල් දස දහසක මුදලක් සහ ප්‍රශංසා සහතිකයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT