Local

ජූනි මාසයේ සිට අලුත් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබාදීමට කටයුතු කරනවා - ජනපති

Thursday, 17 April 2025 - 7:09 pm

එළඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රජය ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු කරන බවත්, අවුරුදු 5-6කට පසු ලොකුම ඩොලර් සංචිතය දැන් තිබෙන බවත්, විදුලිබිල අඩු කර, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ද කටයුතු කර ඇති බවයි මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම වසර 05 කට පමණ පසු 30,000ක් දෙනා රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවද, ඒ සඳහා මන්ත්‍රීවරු, ඇමතිවරු පසුපස යාමට අවශ්‍යතාවක් නොමැති බවද, පුවත්පත් මඟින් ප්‍රසිද්ධ කළ පසු විභාගය මුහුණ දී, එයින් වැඩිම ලකුණු ගන්නා පිරිස් වෙත රැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

රාජ්‍ය සේවයේ සහ පොලීසියේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙන බවත්, මේ හේතුවෙන් අලුතින් පොලීසියට 2,000ක් බඳවා ගැනීමට කටයුතු කරන අතර, දෙමළ භාෂාව දන්නා ඔබේ දරුවා පොලිස් සේවයට එක් කරන ලෙසට ඉල්ලා සිටින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT