Local

ජාජබ රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරනවා -ජාජබ විධායක සභික සමන්මලී ගුණසිංහ

Thursday, 18 January 2024 - 3:34 pm

ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පවසන්නීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින ක්‍රමය තුළ ගණිකාවන් නිර්මාණය කරමින් ඇති බවයි. ගණිකා වෘත්තිය සඳහා රීති පද්ධතියක් ඇති කළ යුතු බව ද ඇය සඳහන් කරන්නීය.

මෙය කැමැති වුණත් අකමැති වුණත් සංස්කෘතිය තුළ පවතින දෙයක් බව සඳහන් කරන සමන්මලී ගුණසිංහ මහත්මිය යම් නීති රාමුවක් තිබෙනවා නම් ඇයට ආරක්ෂාවක් තිබෙන බව ද සඳහන් කළාය.

”මේ වන විට කාන්තාවන්ට පවුල තුළ ලොකු ආර්ථික පීඩනයක් තිබෙනවා. මේ ආර්ථික ප්‍රශ්න නිසා ගැහැනිය අනාරක්ෂිත වෙලා. ගැහැනිය එළියට, ස්පා එකට යන්න සිද්ධ වෙලා තිබෙනවා. ස්පා එක හොඳයි. හැබැයි අපේ ස්පා එක බවට පත්වෙලා තියෙන්නෙ වෙන කාර්යයක්. ගණිකා වෘත්තියට යම් නීති පද්ධතියක් අවශ්‍යයි. හැබැයි මෙය අප ප්‍රමෝට් කරන්නෙ නැහැ. වෙනත් වෘත්තියක් ඇයට දෙනවා නම් ගරුත්වයෙන් වැඩ කරන්න පුළුවන් රැකියාවක් දෙනවා නම් ඇගේ ශ්‍රමය අමානුෂික ලෙස සූරා නොකන රස්සාවක් අපට දෙන්න පුළුවන් නම් ලිංගික ශ්‍රමිකයා කියන වෘත්තිය නැති කරන්න පුළුවන්. ජාතික ජන බලවේගයට ඒ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිගන්නවා” යයිද ඇය පවසන්නීය.

කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතළ අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙන ගුණසිංහ මහත්මිය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සතුව ඇති බව ද සඳහන් කළාය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT