කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (25) ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
ඒ අනුව අමාත්‍යාංශයේ පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමා ඇතුළු නියෝජිත පිරිසක් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය ද සහභාගි වීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ, නිදහස් සේවක සංගමයේ සභාපති ජානක විජේපතිරත්න සඳහන් කළේ.
නොසන්සුන්තාව ඇතිවූ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ද පිරිසක් සහභාගිවීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.