2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩිම අයඳුම්කරුවන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව 76,977ක් වනවා.
මහනුවර දිස්ත්‍රික්කයෙන් 55,797 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසකම් ලබා ඇති සංඛ්‍යාව 52,846 දෙනෙකු වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට අඩුම පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන බව සඳහන්.
එම සංඛ්‍යාව 3566ක් වනවා.