Local

විදුලි සේවකයන් හෙට සිට තෙදිනක් විරෝධතාවයක

Tuesday, 02 January 2024 - 6:26 pm

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව ජනවාරි 3, 4, 5 යන තෙදින ලංකා විදුලිබල ​මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.
යෝජිත පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට බලකරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් වලට කඩා සමාගම් ගණනාවකට විකුණා දැමීමට සැරසෙන බවත්, ජනවාරියේදී පාර්ලිමේන්තුව කැඳවූ පසු මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නට ආණ්ඩුව සැරසෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම පනත සෝදුපත් බැලීමකින් පවා තොරව කඩිමුඩියේ මුද්‍රණය කර ඇති බවත්, මේ පනත වහාම හකුළාගන්නා ලෙස බල කරමින් විරෝධතා පවත්වන බවත් ඔහු තවදුරටත් පවසා සිටිනවා. 


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT