Local

ජෝර්දාන් ඇගළුම් ශ්‍රමික ගැටළු විශේෂඥ නීතීඥයින්ගේ සහාය

Friday, 19 January 2024 - 7:18 pm

ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් පරිදි ජෝර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හා එහි කම්කරු සුභසාධන අංශය මැදිහත්වී තිබේ.

ඒ අනුව ජෝර්දාන තානාපති කාර්යාලයේ නිළධාරින් පසුගියදා එරට කම්කරු අමාත්‍යාංශයේ නිළධාරීන් හමුවී මෙම ගැටළුව පිළිබඳව සාකච්ඡා කළ අතර, ඊට ඉන්දීය හා බංගලාදේශ තානාපති කාර්යාලවල නිළධාරීන්ද එක්විය.

එම සාකච්ඡාව සඳහා එක්වූ ජොර්දාන කම්කරු අමාත්‍යාංශයේ නිළධාරීන් විසින්, මෙම ශ්‍රමිකයින් අතුරින් වීසා කාලය ඉක්මවා රැදී සිටින ශ්‍රමිකයින් දඩ මුදල් අය කිරීමකින් තොරව පිටත් කර හැරීමටත්, ආපසු පිටත්ව යාමට ගුවන් ටිකට්පත් ලබාදීමට හා සමාජ ආරක්ෂණ දායක මුදල් පිටත්ව යන දින ලබාදීමටත් වාචික එකගතාවය පළකර තිබේ. හිග වැටුප් හා දීමනා ලබාදීම සඳහා කම්කරු හා වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥ දැනුමෙන් යුතු නීතීඥ සහාය ලබාගැනීමට හා සමාජ ආරක්ෂණ දායක මුදල් ඔවුන් සේවය කළ අවසන් දිනය වන 2023 දෙසැම්බර් 01 දින දක්වා ලබාදීමටත් එකග විය.

ජෝර්දාන තානාපති කාර්යාල නිළධාරීන් විසින් මෙම සාකච්ඡාවේදී එළඹෙන ලද තීරණ සම්බන්ධයෙන් අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට දැනුම් දෙන ලදී.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ඉහත කී සහන කඩිනමින් ලබාදීම සඳහා තානාපති කාර්යාල නිළධාරීන් නොනවත්වාම මැදිහත්වීම සිදුකරන අතර, ඇගළුම් කර්මාන්ත ශාලාවල කළමනාකාරිත්වය හමුවී තවදුරටත් ශ්‍රමිකයින්ට සුභසාධන පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටියි.

ඒ අනුව වෙනත් රැකියා ස්ථානවලට යාමට අපේක්ෂා කරන ශ්‍රමිකයින් එම කර්මාන්ත ශාලාවල රැකියාවට යොමුකිරිමටත්, දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමටත් තානාපති කාර්යාල නිළධාරීන් අවශ්‍ය පියවර ගෙන තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT