Local

තොන්ඩමන්ගේ දිගම්බරමගේ බලකොටුව අප බිඳහෙළුවා…- මාලිමා මන්ත්‍රීනී

Sunday, 17 November 2024 - 9:50 am

ඉතිහාසයේ පළමු වරට තොණ්ඩමන්, දිගම්බරම්, රාධාක්‍රිෂ්ණන්ගේ බලකොටුවක් වශයෙන් පැවති නුවරඑලිය දිස්ත්‍රික්කයේ බලය ජාතික ජන බලවේගයට ලබා ගැනිමට මෙවර මහ මැතිවරණයෙන් හැකි වු බව එම පක්ෂයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය පැවසිය.

හැටන් නගරයේ පිහිටි පක්ෂ කාර්යාලයේදි (16) දින ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය කියා සිටියේ මැතිවරණ සමයේදි වතුකරයේ ජනතාව අතරට පැමිණෙන එම දේශපාලඥයන් වතුකරයේ ජනතාව රවටා ජන්දය ලබාගෙන ගොස් එම ජනතාවගේ අවශ්‍යතාවයන් කිසිවක් ඉටු නොකල බවයි.

මෙවර නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයෙන් තරග කල අපෙක්ෂකයන් දිනවිමට නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිංහල, දමිල, මුස්ලිම් සියළු ජනතාව කටයුතු කල බවයි.

එම ජනතාව ජාතික ජන බලවේගය කරා තිබු විශ්වාසය බිද නොහෙලා එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරිමට කැප වි කටයුතු කරන බවයි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් කියා සිටියේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මනාප 33,346 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරිපත් වු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියට සුභ පැතිමට විශාල පිරිසක් පක්ෂ කාර්යාලය වෙත පැමිණ සිටිහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT