Local

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

Sunday, 25 May 2025 - 5:34 pm

දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අද (25) එක්ව තිබෙනවා. 

 
අද ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ඒම සිදු වුණා. 
 
ඒ අනුව, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරවය දැක්වීමට මහජනතාවට අවස්ථාව සැළසෙනු ඇති. 
 
දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි. මාලිනී ෆොන්සේකා, ඊයේ අලු‍යම දිවි ගමනට සමුදුන්නේ කොලඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 78 වැනි වියෙහි පසුවුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT