Local

මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට තීරණයක් - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

Wednesday, 13 November 2024 - 6:46 pm

ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වනදාට පෙර ගෙවීමට අපොහොසත් වුවොත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් මෙම දැනුම් දීම සිදුකළේය.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, රෝයල් ඩිස්ටිලරිස් ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 05ක් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවය. 

එසේ හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත් වුවොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන ජනවාරි 22 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණි.

මෙම සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බවත් නඩු වාර්තාවේ සඳහන් වී තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික අර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇති බවය. 

ඒ අනුව අදාළ බදු මුදල් අයකරගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් එසේ බදු ගෙවීම පැහැර හරිනු ලබන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබුණි.


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT