Local

“විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන”සඳහා රුපියල් මිලියන1,500ක් වෙන් කර තිබෙනවා – පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

Thursday, 30 November 2023 - 5:59 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා විශේෂ ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන ආයතනවල මැදිහත් වීමෙන් සංචාරකයින්ගේ පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
2024 වසර වෙනුවෙන් විශාල සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීමට අප සැළසුම් කර තිබෙනවා. දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි රුපියල් මිලියන 34,000කට වැඩි මුදලක් මේ සඳහා වෙන් කර තිබෙනවා. එම සංවර්ධන කටයුතු ලබන වසරේ දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමටයි සැලැසුම් කර තිබෙන්නේ. එහිදී උතුර, උතුරු – නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වෙනුවෙන් රුපියල් මිලියන 7000ක් වැය කර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැළසුම් සකස්කර තිබෙනවා. එමෙන්ම පළාත් පාලන ආයතනවල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ද රුපියල් මිලියන 600ක් වෙන් කර තිබෙනවා.
ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා පළාත් පාලන ආයතනවල මැදිහත් වීමෙන්, පහසුකම් ලබාදීමට රුපියල් මිලියන 1000ක් මුදල් ලබාදී තිබෙනවා. එම මුදලත් සමග පළාත් පාලන අයතනවල දායකත්වය යටතේ ලබා ගන්නා රුපියල් මිලියන 500ක මුදලත් සමග රුපියල් මිලියන 1,500ක සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට අප බලාපෙරොත්තු වනවා.
ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන”ට රුපියල් මිලියන1,500ක් වෙන් කර තිබෙනවා. එමගින් මහනුවර නගරයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීමට නියමිතයි.
පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ සිටිනවා. ඔවුන්ගේ අභියාචනා සළකා බලා නැවත සේවයේ පිහිටුවීම සදහා අප විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටු වන අතර එම රාජ්‍ය සේවකයින් නැවත සේවය කළ ස්ථානයටම යොමු කිරීමට ද කටයුතු කරනවා. එහිදී ඔවුන් කිසිඳු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙසට ද අප විසින් කොන්දේසියක් පනවනවා.
ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවක තනතුරු 2700ක පමණ ප්‍රමාණයක් ලබන 02 වනදා වන විට විභාගයට පෙනී සිටීමට නියමිතයි. ලබන වසරේ පෙබරවාරී මස 04 වනදාට පෙර ඔවුන් සේවයේ යෙදවීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම පළාත් පාලන ආයතන තුළ සිටින 8400ක අනියම් සේවකයින් අනිවාර්යෙන් ස්ථිර සේවයේ පිහිටුවීමට ද කටයුතු කරනවා.


Top Stories
wedivistara

රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනහමාරට වැඩියෙන් දිනනවා..

wedivistara

අයි.එම්.එෆ්. එරෙහි වැඩපිළිවෙළක් ඇත්තේ කුඩය ලකුණෙන් එන අපට විතරයි – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ

wedivistara

අත්‍යවශ්‍ය ඖෂධ 40ක් රෝහල්වල හිඟයි

wedivistara

මාලිමාවේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නෑ – සිංහල – දෙමළ – මුස්ලිම් – බර්ගර් – මැලේ අපි ඔක්කොම එකතුවෙලා ලස්සන රටක් හදමු – ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක

wedivistara

කාන්තා ව්‍යවසායිකාවන්ට දිලිත්ගෙන් සුබ පණිවුඩයක්

wedivistara

ගත්තු හැම ණය මුදලකටම වග කියන්න නාමල් සූදානමින්

Trending
wedivistara

තවමත් ලංකාව අර්බුදයේයි.. අමාරුවෙන් ලැබූ ජයග්‍රහණ රැකගැනීම වැදගත්… - IMF මාධ්‍ය හමුවක

wedivistara

සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

wedivistara

IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි..

wedivistara

අමාත්‍යංශ ලේකම්වරුන් හා පරිපාලන ජ්‍යෙෂ්ඨයන් රැසක් ගෙදර යති..

wedivistara

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

wedivistara

ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අනුර සුදානමින්


NEWS ALERT