Local

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

Saturday, 25 January 2025 - 5:37 pm

පසුගිය වසර 20 තුළදී, ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පොල් නිෂ්පාදනය පහත වැටීම රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා.

2000 වසර වන විට පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000ක අගයක පැවති බවත්, ඒ වන විට මෙරට ජනගහනය මිලියන 18ක් බවත්, නමුත් 2024 වසර වන විට මෙරට ජනගහනය මිලියන 23 දක්වා වැඩි වී ඇතත් පොල් නිෂ්පාදනයේ වර්ධනයක් සිදුව නොමැති බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව, ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි මහාචාර්යවරයා පැවසුවේ.

පොල් හිඟයට දීර්ඝකාලීන විසඳුමක් ලෙස පොල් පැළ මිලියන 03ක් මෙම වසර තුළ සිටුවීමට පොල් වගාකිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT