Local

ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට අයුතු ලෙස ඇතුළු විම දමිතා ඇතුළු කාන්තා­වන් තිදෙ­නෙ­කුට DNA පරී­ක්ෂණ

Saturday, 16 March 2024 - 8:23 am

2022 වසරේ ජූලි මස 09 වැනිදා ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට අර­ග­ල­ක­රු­වන් ලෙස ඇතුළුවීමේ සිද්ධියේ ඇප මත මුදාහැර ඇති ප්‍රවීණ රංග­න­වේ­දිනි දමිතා අබේ­රත්න සහ කාන්තා­වන් තිදෙ­නකුගේ රුධිර සාම්පල ඩී. එන්. ඒ. පරී­ක්ෂ­ණ­යක් සඳහා ලබන 21 වැනි රජයේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා හමු­වට ඉදි­රි­පත් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ (15) නියෝග කෙළේය.

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ තිබී හමු වූ සනී­පා­ර­ක්ෂක තුවා හය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කිරී­මට රුධිර සාම්පල ලබා දෙන ලෙස සැක­කා­රි­යන් තිදෙ­නාට නියෝග කරන ලෙස කොළඹ උතුර අප­රාධ කොට්ඨා­ශය අධි­ක­ර­ණ­යෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය සිදු කෙළේය. මෙලෙස නියෝග නිකුත් කෙරුණේ දමිතා අබේ­රත්න, නෝනා මුරින් සහ සචිනි කෞශල්‍යා යන කාන්තා­වන් තිදෙ­නාට වේ.

මේ නඩුවේ 17 වැනි සැක­කරු ඇප මත මුදා හැර ඇති කොස්වතේ මහා­නාම හිමි සිවුරු හැර ඇති බවත් ගිහි නම ගිහාන් දුමින්ද අම­ර­සිරි ලෙස නඩු ගොනු­වක් ඇතු­ළත් කරන ලෙසත් පොලී­සිය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. අප මත මුදා හැර ඇති 15 වැනි සැක­කරු මංගල පුෂ්ප­කු­මාර යන අයට අද දිනම මෝදර උතුර කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට ප්‍රකා­ශ­යක් දෙන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා අධි­ක­ර­ණයේ පෙනී නොසිටි තුවාන් සෆ්රාස් යන අයය වරෙන්තු නිකුත් කෙළේය.

මේ නඩුවේ ඇප මත මුදා හැර ඇති සැක­ක­රු­වන් වන රතිදු සේනා­රත්න නොහොත් රැට්ටා , දුමින්ද නාග­මුව, ජෝසප් ස්ටාලින්, වසන්ත සම­ර­සිංහ, වසන්ත මුද­ලි­ගේ­ජී­වන්ත පීරිස් පිය­තුමා ඇතුළු ඇප මත මුදා හැර ඇති සැක­ක­රු­වන් 41 දෙනෙක් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය. නීති­පති උප­දෙස් සඳහා ලබන ජූලි මස 26 වැනි දා යළි කැඳ­වන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ( 15) නියෝග කෙළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT