Local

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

Wednesday, 04 June 2025 - 9:07 am

ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයන් වශයෙන් තම හිතවතුන් කිහිපදෙනකුට පත්වීම් ලබාදී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා තම පෞද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල යන අය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (3) නියෝග කළාය.

ඒ අනුව සැකකරුවන් වෙන් වෙන්ව මිලියනය බැගින් වූ ශරීර ඇප තුනක් හා රුපියල් පනස්දහස බැගින් වූ මුදල් ඇප තුනක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

සැකකරුවන්ට ඇප ලබාදෙමින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙස නියෝග කළාය.

අල්ලස් කොමිසම විසින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල මහතා එලෙස ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

නඩුවේ තුන්වන සැකකරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නායක යන අය ද මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂයක මුදල් ඇපයන් මත මුදා හැරීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පමණක් පුද්ගලයන් 15 දෙනකු සේවයට බඳවාගෙන ඔවුන්ට ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා තම පෞද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුව තිබුණි.

සිද්ධියට අදාළ දෙවන සැකකාර රමිත රඹුක්වැල්ල මහතා වෙනුවෙන් සිදු කරන ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහුගේ ආදර්ශ අත්සනක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බව විමර්ශන නිලධාරීහු ඊයේ අධිකරණයට දැන්වූහ.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය දෙවන සැකකරුට අද (4) දිනයේ අල්ලස් කොමිසම වෙත පෙනී සිට ආදර්ශ අත්සනක් ලබාදෙන ලෙසට නියෝග කළාය.

අල්ලස් කොමිසම ඊයේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට පැවැසුවේ, පළමු සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල පසුගියදා අල්ලස් කොමිසමට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගත් බවය.

ඒ අනුව ස්වාමිනී, ඇය දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටියේ, අමාත්‍යාංශවල අරමුදල් බැර වූ ගිණුමක් වන තුන්වන සැකකරුගේ නමින් පෞද්ගලික බැංකුවක ඇති ගිණුම ඇය සතුව නැති බවය. ඒ අනුව ඇය සිය දිවුරුම් ප්‍රකාශය මඟින් අදාළ බැංකු ගිණුමේ ATM කාඩ් එක සහ මුදල් ඇය පරිහරණය නොකළ බව දිවුරුම් ප්‍රකාශ මඟින් පවසා ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වුහ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ තුසිතා ජයනෙත්නි මහත්මිය සහ බලයලත් පොලිස් නිලධාරී සමන් ජයනන්ද මහතා සඳහන් කරනු ලැබුවේ, ස්වාමිනී, අදාළ ඒ.ටී.එම් කාඩ් එක භාවිත කරමින් 2024/8/7 දින සිට කොළඹ පෞද්ගලික ෆාමසියකින් රුපියල් තිස්හත්දාහක ජර්මනියේ නිෂ්පාදිත දියවැඩියාවට භාවිත කරන ඖෂධ වර්ගයක් රැගෙන තිබෙනවා, ඌබර් ඇප් එක භාවිත කරමින් ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාගෙන තිබෙනවා. පීසා හට් එකෙන් ඇණවුම් ලබාගෙන ඇති බවත්, නෙට්ෆිලික්ස් අන්තර්ජාලය මෘදුකාංගය භාවිතා චිත්‍රපට බලලා තියෙනවා. සිද්ධියට අදාළව ඌබර් ආයතන මඟින් වාර්තාව ලබාදීමට සතියක පමණ කාලයක් ඉල්ලා ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

සිද්ධියට අදාළ මෙම ඒ.ටී.එම් කාඩ්පත මඟින් මහියංගණය, මහනුවර, නුවරඑළිය, ඇඹිලිපිටිය සහ කොළඹ යන ප්‍රදේශවලින් මුදල් ලබාගෙන ඇති බවත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වුහ.

ඒ අනුව විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියේ විමර්ශනයට යුක්තිය ඉටුකිරීමට අවශ්‍යය බැවින් සහ විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් සැකකරුවන්ගේ ඇප සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු නියෝගයක් ලබාදෙන ලෙසය.

සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සහ නලින්ද ඉන්දතිස්ස මහත්වරුන් අධිකරණයට පැවසුවේ විමර්ශනයට අවශ්‍ය කරන සියලුම සහයෝගය සැකකරුවන් ලබාදීමට සූදානම් බැවින් ඇප ලබාදෙන ලෙසය.

දෙපාර්ශ්වයෙන්ම කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනා ශරීර ඇප මත සහ මුදල් ඇපමත මුදා හැරීමට නියෝග කළාය.

කල්පනි අබේසිංහ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT