Local

හිඟුරක්ගොඩ නිවෙසක බිත්තියක් කඩා වැටී එක්දරු මව මරුට බිලි

Friday, 12 January 2024 - 7:56 pm

මියගිය කාන්තාව වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක්

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පොලොන්නරුව හිඟුරක්ගොඩ නෙල් මාවතේ නිවෙසක බිත්තියක් කඩා වැටීමෙන් එහි විසූ එක්දරු මවක් මිය ගොස් ඇති අතර, අවුරුද්දක්

වයසැති දියණිය සහ සැමියා තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඊයේ (11) ඇතුළත් කර තිබේ
.

මෙලෙස මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ නෙල් මාවතේ අංක 792 ලිපිනයේ පදිංචිව සිටි කේ.එච්. රසිකා චමෝදනී (23) යන අය බව පරීක්‍ෂණ කරන හිඟුරක්ගොඩ පොලිසිය කියයි.

ඇය හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, තුවාල ලැබූ ඇයගේ සැමියා වන විසිපස් වියැති පී.ඒ. නලින් විජයබණ්ඩාර සහ අවුරුද්දක් පමණ වයස පී.ඒ. ව්‍යංගා යන අය පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

අයහපත් කාලගුණ තත්ත්වය මත නිවසේ වහලය සහ බිත්තිය කඩා වැටී එම ජීවිත හානිය සිදුව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරි පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් සුදන්ත ඒකනායක මහතාගේ උපදෙස් මත මියගිය කාන්තාව වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක් ලබා දීමටත්, අනතුරුව නිවසට සිදුව ඇති හානිය ඇස්තමේන්තු කිරීමෙන් පසු ඉතා කඩිනමින් එම වන්දිය ලබා දීමට කටයුතු කරන බව ද පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT