අද පැවැත්වෙන මහ මැතිවරණ ඡන්ද විමසුමේදී වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද දායකයෙකුගේ වැරදි ඇඟිල්ලක් පාට කිරීම හේතුවෙන් නොසන්සුන්තාවයක් හටගෙන ඇත.
පළමු පැය දෙක තුළ ඡන්දය ප්‍රකාශ කලේ යයි සනාථ කිරීමට සුළඟිල්ල පාට කර ඇතත් ගිය ජනාධිපතිවරණයේදීද පාට කළ සුළැගිල්ලේ තීන්ත මැකී නැතිව තිබියදී අදද එම ඇඟිල්ල පාට කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයාටත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලටත් පැමිණිලි කොට තිබේ.
වෙනත් ඇඟිල්ලක් පාට කිරීම සම්බන්ධයෙන් ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණගාටුව පල කිරීමනේ පසු නොසන්සුන්තාවය සමනය වී ඇත.