Local

නලීන් හේවගේ ​ගේ අපහාසාත්ම​ක ප්‍රකාශයට ආණ්ඩුවේ මන්ත්‍රීවරියක​ගේ විරෝධය

Sunday, 23 February 2025 - 1:12 pm

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න පවසනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
තමන් එම අවස්ථාවේ සභාගර්භයේ නොසිටිය ද විපක්ෂ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව තුළ නොගැ​ළපෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ලෙස එම ප්‍රකාශය අනුමත කළ නොහැකි බවයි ඇය සිය සටහන මඟින් පෙන්වා දී තිබෙන්නේ.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ඊයේ දින මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ඉලක්කර ගනිමින් ඇගේ නම වෙනස් කර ඇති බවට පුවත්පත් දැන්වීමක් පළකර ඇති බව සඳහන් කරමින් අපහාසාත්මක ප්‍රකාශක් සිදුකර තිබුණා.
news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT